Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 3, 2014

ප්‍රංශ සවාරිය.

01 වැනි ලෝක ප්‍රසිද්ධ ප්‍රංශ බයිසිකල් සවාරිය ජුලි මස 06 වෙනිදා ආරම්භ කර අදියර 21 කින් පසු ජුලි   27 වැනි ඉරිදා ලෝකයේ ලස්සනම මාවත ලෙස සැලකෙන ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි ඇවනිව් ෂොම් සෙලිසේ මාවතේ වට 10ක් ගමන් කරමින් අවසන් විය.
කිලෝමීටර 3656 ක් ගමන් කිරීමට සවාරියට ගතවූ කාලය
පැය 90ක්.1913දී ප්‍රංශයේ පමණක් ධාවනයවූ මෙම  සවාරිය පසුව යුරෝපයේ හා අනෙකුත් රටවල්ද එකතු කර ගනිමින් පැවැත්විණි.
මහා බ්‍රිතාන්‍යයස්පාඤඤයරුසියාවකසකස්ථානයඉතාලියනෙදර්ලන්තයබෙල්ඡියමප්‍රංශයඇමෙරිකාව,ඕස්ට්‍රේලියාවස්විට්සර්ලන්තයජර්මනියආදි රටවල බයිසිකල් ක්‍රීඩා සමාජ 22ක ජාතික ධජ 34 කට අයත් තරඟ කරුවෝ  198 දෙනෙක් මෙවර සවාරියට සහභාගි වූහ. ලෝකයේ ඇති පැරණිම සයිකල් තරගාවලිය මෙයයි. ලොව සිටින හොඳම සයිකල් ශූරයෝ සියල්ලෝම ප්‍රංශ සවාරියට තරග වදිති. ලොව වැඩිම දුර ප්‍රමාණයක් ධාවනය කරනුයේ මෙම සවාරියයි. ජයග්‍රහාකයන්ට වැඩිම මුදලක් ගෙවන්නේ ද මේ සවාරියේය. මෙවර තරගයට අප්‍රිකා  තරග කරුවන් නොමැතිවූ අතර ලෝකයේ වැඩිම බයිසිකල් භාවිතා කරන ජනතාවක් වෙසෙන චීනයෙන් ප්‍රංශ සවාරි ඉතිහාසයේ ප්‍රථම වතාවට චීන ජාතික තරග කරුවෙක් සහභාගිවවිය.

ප්‍රථම වතාවටය මෙවර ප්‍රංශ සවාරියේ පළමු අදියර උතුරු එංගලන්තයෙන් ආරම්භ විය. ඒ අනුව උතුරු එංගලන්තයේ ලීඩ්ස් නගරයෙන් ආරම්භවී යෝර්ක්ෂෙපීල්ඩ්ක්‍රේම්බ්‍රිජ් හරහා කි:මී: 546ක් දුර පසු කර අගනුවර ලන්ඩන් නුවර දක්වා දින තුනක් ධාවනය වූ ප්‍රංශ සවාරිය සිව්වන දින සිට ප්‍රංශයේ උතුරු දිශාවට මායිම් වූ ඛෙල්ඡියම් දේශසීමා තීරුව හරහා ඊසාන දිශාවෙන් නැගෙනහිරගිකොන දිශාව දක්වා ධාවනය කොට දකුණු දිශාවට මායිම් වූස්පාඤඤයේ උතුරු සීමාව හරහා ප්‍රංශයේ නිරිත දිග දිශාව පසුකර මධ්‍යම ප්‍රංශයට පැමිණ අවසාන දිනයේ පැරීසියට නුදුරින් පිහිටි එව්රි නගරයෙන් ආරම්භ කොට කිලෝමීටර 137කින් පසු පැරීසියෙන් අවසන් විය. ඉතාලි ජාතික වින්චෙන්ශෝ නිබලී 2014 ප්‍රංශ සවාරියේ ජයග්‍රහාකයා වුයේය.
රූපවාහිනි ආයතන 118 කින් සහ ගුවන් විදුලි තරංඟ මාලා 75කින් විකාශය වන මෙම තරගාවලිය  ලෝකයේ වැඩිම පිරිසක් මෙය නරඹන තරගාවලියදවෙයි. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩා පුවත් හා සඟරා 398ක සහ වෙබ් අඩවි 61ක්ද ජාතීන්41කට අයත් ජන මාධ්‍යවේදීහු  2500ක් පමණද මේ සදහා සහාභාගි වෙති. ‍
නෙදර්ලන්තයේ ඡයන්ට් සිමානෝ ක්‍රීඩා සමාජ කණ්ඩායම නියෝජනය කළ ඔහු නමින් චෙන්ග් ජී නමින් හැදින්වේ. මෙවර සම්පූර්ණ සවාරියේ දුර ප්‍රමාණයට පෙරට වඩා කි:මී: 250ක් එක්කර තිබුනේය. ප්‍රංශ ජනාධිපති හා අගමැති දින දෙකකදී ප්‍රංශ සවාරියේ ප්‍රධාන නිල රථයේ අසුන් ගෙන දෙපස ජනයාට අත වනමින්සිනහාසෙමින් කිලෝමීටර  20ක් පමන ගමනට එක් වුයේය.  
 මෙවර සමස්ත තරගයේ ප්‍රථම තිදෙනා අතරට තිබෝ පිනෝ හා ඡෝන් ක්‍රිස්ටෝර්ප් ෆෙරෝ යන ප්‍රංශ ජාතිකයෝ දෙදෙනො එක් වෙමින් ජයග්‍රාහනය හිමිකර ගත්හ. මෙය වර්ෂ 1984න් වසර තිහකට පසු සිදුවු විශේෂ අවස්ථාවකි.1984දි ප්‍රංශ සවාරියේ ප්‍රථම තිදෙනා අතරට එකල ලෝක ප්‍රසිද්ධ බයිසිකල් ශූරයන්වූ ප්‍රංශ ජාතික ලෝරන්ට් පිනියොන්ග් හා බර්නාර්ඩ් හිනෝල්ට් අයත් විය. මේවන විට ලෝරන්ට් පිනියෝන්ග් ලෝක ශූරයා මෙලොවෙන් සමුගෙන ඇත්තේය. ප්‍රංශ සවාරියේ ප්‍රථම වතාවට අදියර 21න් අදියර 19ක්ම ජයග්‍රාහි කහා පැහැති ටීෂර්ටය හිමිකරගැනීමට 2014 ස්පාඤ්ඤයේ හා ඉතාලි බයිසිකල් සවාරි ජය ගත් ඉතාලි ජාතික වින්චෙන්ෂෝ නිබලී සමත් වුයේය. හොඳම කදු නගින්නාට හිමි රතු පාට ටීෂර්ටය පෝලන්ත ජාතික රෆයාල් මජ්කාට හිමි වුයේය. ප්‍රහාරක පොකුර සමග පැමිණ වේගයෙන් අවසන් කරන්නාට හිමි කොළ පැහැති ටීෂර්ටය ස්ලෝවේකියා ජාතික පීටර් සගන් විසින් හිමි කර ගත්තේය. සවාරියේ දක්ෂම ලාබාල ක්‍රීඩකයාට හිමි සුදු පැහැති ටීෂර්ටය ප්‍රංශ ජාතික වයස අවුරුදු 24ක් වයසැති තිබෝ පිනෝ හිමි කර ගත්තේය.තරඟයේ අවසානයා ලෙස ප්‍රථම වරට සහභාගිවූ චීන ජාතික චෙන්ග් ජී සටහන්වී ඇත්තේය.