Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 3, 2014

ලිබියාවේ නව පාර්ලිමේන්තුව මුල් වරට රැස්වෙයි.

බෙංගාසි නගරයට නැගෙනහිරින් පිහිටි ටොබ් රුක් නගරයේදී ජනතා නියෝජිතයෝ ඊයේ රැස්වූහ. ට්‍රිබෝලි සහ බෙංගාසි යන නගරවල දරුණු ගැටුම් පවතින නිසා හමුව සිදුවූයේ ටොබ් රුක් නගරයේ හෝටලයකදීය. දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැස්වීම පැවුත්විණ. නව රජයක් පිහිටුවීම පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරිණ. එමගින් ලිබියාවේ වත්මන් ගැටුම්කාරී තත්වය අවසන් කළ හැකි බව රටේ බහුතර මතය විය.