Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 3, 2014

නියඟයෙන් පීඩාවූවන්ට රුපියල් කෝටි 132ක්

නියඟය නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රුපියල් කෝටි 132ක පමණමුදලක් වෙන්කර ඇතැයි මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පවසයි.

මේ වන විටත් නියඟය නිසා පීඩාවට පත්වූවන්ට රුපියල් මිලියන 394.4ක මුදලක්වැය කර සහන සලසා ඇති අතර
තවත් මිලියන 920ක මුදලක් අතිරේකව ඒ සඳහා වෙන් කර ඇත. අනුරාධපුර දිස්ත්‍රික්කයට
මිලියන 75ක් ද වවුනියාව හා මන්නාරමට රුපියල් මිලියන 50 බැගින් ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මිලියන 52.5ක් ද වැය කර ඇත. ඉතිරි සියලු දිස්ත්‍රික්කවලට ද අවශ්‍ය පරිදි සහන සලසා ඇතැයි එම අමාත්‍යාංශය පවසයි.