1. 2005 පෙබරවාරි 07 වෙනිදා පත් කළ කොමිෂන් සභාවට වැය කර ඇති මුදල රු. 20,162,184.49කි
2. දේශීය ආදයම් බදු දෙපාර්තමේන්තුවේ වැට බදු වංචාව පරීක්ෂා කිරීමේ කොමිසමට ගිය මුදල රු.
21,332,098.33කි.
3. මඩකලපු හා අම්පාර දිස්ත්‍රික්ක වල එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් යැයි කියනු ලබන තැනැත්තන් එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ කොමිසමට වැයවූ මුදල රු. 11,318,000කි.
4. හිටපු බස්නාහිර පලාත් මහ ඇමති රෙජිනෝල් කුරේට එරෙහි විශ්වාසභංග යෝජනාව පරීක්ෂා කිරීමේ කොමිෂන් සභාවට වැය කළ මුදල රු. 2,724,250කි
5. බෞද්ධ විහාර දේවාලගම් හා සම්බන්ධ ඉඩම් වලට අදාල ගැටළු පරීක්ෂා කිරීමේ කොමිසමට ගිය මුදල 3,871,930.11කි.
6. 2001 සිට 2005 දක්වා ශ්‍රී ලංකා නාවික හමුදාවට මිලට ගත් ඉහළ වටිනාකමින් යුත් යුද්ධෝපකරණ හා සේවා සපයගැනීමට සම්බන්ධ පරීක්ෂණ කොමිසමට ගිය වියදම රු. 1,162,675.39කි
7. 2000 සිට 2005 කාලයේ ශ්‍රී ලංකා ආණ්ඩුව මිලට ගත් අවි ආයුධ යුධ උපකරණ සම්බන්ධයෙන් කරුණු පරීක්ෂා කිරීමේ කොමිසමට ගිය වියදම රු. 12,427,849.86කි.
8. මානව හිමිකම් උල්ලංගනය කිරීම් සම්බන්ධ පැමිණිලි විමර්ශන කොමිසමට ගිය වියදම රු. 95,978,140.97කි.
9. අසාර්ථක මූල්‍ය සමාගම් සම්බන්ධ රාජ්‍ය ව්‍යවසාය කමිටු වාර්තාවේ ඇති අඩුපාඩු විමර්ශනයට පත් කළ කොමිසමට ගිය වියදම රු. 25,073,995.08කි.
10. ජෝෂප් පරරාජසිංහම් පාර්ලිමේන්තු මංත්රීවරයාගේ ඝාතනය පරීක්ෂා කිරීමේ කොමිසමට ගිය වියදම රු. 1,900,311.79කි.
11. ශ්‍රී ලංකාව පුරා අතුරුදහන්වීම් හා විස්තර කළ නොහැකි මරන වලට අදාල කරුණු පරීක්ෂා කිරීමේ කොමිසමට ගිය වියදම රු. 4,833,416.62කි.
12. මාතලේ මූලික රෝහල් පරිශ්‍රයේ හමුවූ මිනිස් ඇට සැකිලි විමර්ශනයට පත් කළ විමර්ශන කොමිසමට 2013.06.20 සිට 2014.07.31 දක්වා ගිය වියදම රු . 7,391,309.35කි.
13. පත්කරනු ලැබූ කොමිෂන් සභා 17 අතරින් බදුකරණය පිළිබඳ පරීක්ෂණ කොමිසමට ගිය වියදම රු. 17,264,305.79කි.
14. උගත් පාඩම් හා ප්රතිසංධාන කොමිසමට ගිය වියදම රු. 18,965,551.91කි
15. උතුරු නැඟෙනහිර පලාත් වල අතුරුදහන්වූවන් පිළිබඳ පැමිණිළි විමර්ශන කොමිසමට ගිය වියදම 11,937,034.93කි.
16. රුහුණු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය අනුර බණ්ඩාරගේ මරණය ගැන පරීක්ෂා කිරීඑම කොමිසමට ගිය වියදම රු 3,877,311.07කි
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන ඇමති දිනේෂ ගුණවර්ධන පෙරේදා මෙම වියදම් පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළි කළේ අනුර කුමාර මංත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.