බිළිදු දරුවන්ගේ තරගයක් නිව්යෝර්ක් නුවරදී ඊයේ පැවැත්විය. එහිදී වේගයෙන්ම බඩ ගෑ බිළිදා තෝරා ගැනීම සිදු කෙරුණා.
මේ තරගය සංවිධාන කෙරුණේ, නිව්යෝර්ක් තුන් ප්රයාම ධාවන තරගයට පූර්වගාමීවයි. බිළිදුන්ගේ බඩගෑමේ තරගයට බිළිදුන් කැටුව දෙමාපියන් විශාල පිරිසක්ද පැමිණ සිටියා. මේ තරගයේදී මාස 12 ක් වයසැති ලීයමි, හැරල්ඩි බිළිදා සමත් වුණා. එහිදී ඔහු තම නිවුන් සොහොයුරාද පරාජය කිරීම විශේෂත්වයක්. මෙම තරගය හයවැනි වතාවටත් සංවිධානය කෙරුණේ, විනෝදය සදහාම බවත්, එය සංවිධායක ජෝන් කෝර්ෆා කියා සිටියේ, මේ තරගයට සහභාගී වන කිසිදු බිළිදකු හඩමින් ආපසු යන්නේ නැතැයිද, ඔහු කියා සිටී.