Social Icons

facebookrss feedemailtwitter

Monday, August 25, 2014

උසස්පෙළ පිළිතුරු පත‍්‍ර ඇගයීම නිසා වැසෙන පාසල්

උසස් පෙළ විභාගයේ පිළිතුරු පත‍්‍ර ඇගයීම් කටයුතු මේ මස 30 වැනිදා සිට ලබන මස 12 වැනිදා දක්වා සිදු කිරීමට නියමිතය. ඒ සදහා සම්පූර්ණයෙන්ම වසා දමන පාසල් 10 සැප්තැම්බර් 15 වැනිදා ආරම්භ කෙරේ. පන්ති කාමර පමණක් වසන පාසල් 11 සැප්තැම්බර් 12 වැනිදා විවෘත කෙරේ. 

පිළිතුරු පත‍්‍ර ඇගයීම් සඳහා සම්පූර්ණයෙන් වසා දැමෙන පාසල් වන්නේ
කොළඹ රාජකීය විද්‍යාලය, විශාකා විද්‍යාලය, කළුතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය, මහනුවර - කිංග්ස්වුඞ් විද්‍යාලය, ගාල්ල - විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල - විහාරමහාදේවි විද්‍යාලය, කෑගල්ල බාලිකා විද්‍යාලය, කුලියාපිටිය ශාන්ත ජෝෂප් මහා විද්‍යාලය සහ රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාල වේ. පන්ති කාමර පමණක් වසන පාසල් වන්නේ කොළඹ හින්දු විද්‍යාලය, ගම්පහ බණ්ඩාරනායක මහ විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය, මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය සහ අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාල.