Social Icons

facebookrss feedemailtwitter

Sunday, August 3, 2014

එබොලාට බිලි වූ දොස්තර අමෙරිකාවට.

එබොලා වෛරසය ආසාදනය වූ අමෙරිකානු වෛද්‍යවරයා එරටට රැගෙන යයි. ඇට්ලන්ටා ප්‍රදේශයේ පිහිටි විශේෂඥ ප්‍රතිකාර ඒකකයට ඔහු ඇතුළත් කෙරුණු බව, මාධ්‍ය වාර්තා සදහන් කරයි.
වෛද්‍ය කෙන්ට් බ්‍රැන්ට්ලි, මෙවැනි රෝගීන් සදහා විශේෂයෙන් සකස් කළ ගුවන් යානයකින් අමෙරිකාවට
රැගෙන ගොස් තිබේ. එරට වසංගත රෝග නිවාරණ ඒකකය පවසන්නේ එබොලා වෛරසය ශරීර ගතවූ පුද්ගලයෙකුට අමෙරිකාවේධී ප්‍රතිකාර කිරීමක් පිළිබදව එරට වෛද්‍ය ඉතිහාසයයේ සටහනක් නොමැති බවයි. මේ වෛරසයෙන් බටහිර අප්‍රිකාවේ මේ වන විට 750 දෙනෙකු පමණ මියගොස් තිබේ. ගිනියාව, ලයිබීරියාව, සියරාලියොන් යන රටවලින් මරණ වාර්තා විය. එබොලා වෛරසය ශරීර ගතවූ අයෙක් මියයෑමේ ප්‍රතිශතය සියයට 90 ක් පමණ වේ. එය ස්පර්ශය මගින් බෝවිය හැක. ශරීරයේ ආසාදනය වූ තරල කොටස් මගින් වෛරසය සෙසු අයට ආසාදනය වීම සිදුවේ.