Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 25, 2014

වෙඩි වැදී වන අලියෙකු මියයයි

මුත්තූර් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට හා සේරුනුවර පොලිස්‌බල ප්‍රදේශයට අයත් සෝමපුර කාංගවේලි ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස්‌ සිටි දැවැන්ත වල් අලියකු 23 දා උදැසන සොයාගත් බව, සේරුනුවර පොලිසිය සඳහන් කර සිටී. උස අඩි 9 ක්‌ පමණ වූ වයස අවුරුදු 30 ක්‌ 35 ක්‌ අතර වන මෙම අලියා මියගොස්‌ ඇත්තේ ටී 56 වැනි ගිනි අවියකින් තැබූ වෙඩි පහරවල් 6 ක්‌ වැදීමෙන් බව, පරීක්‍ෂා කිරීමේදී පැහැදිළි වී ඇත. 


22 දා රාත්‍රී හා 23 දා අලුයම් කාලය අතර වෙඩි වැදීම් සිදුවී ඇත. සිද්ධිය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්‍ෂණය අද (24 දා) ගිරිතලේ වනජීවි පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍ය ප්‍රමුදිත දේවසුරේන්ද්‍ර මහතා විසින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කන්තලේ වනජීවි අලිපාලන ඒකකයේ අඩවි ආරක්‍ෂක පී. ඇම්. රත්නායක මහතාගේ උපදෙස්‌ මත වන සත්ත්ව නියාමකයින් වන සිරිවර්ධන, මාපටුනගේ, අයේෂ් හසිත, සේනාධීර යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කටයුතු මෙහෙයවයි.