Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 28, 2014

කිරිපිටි දැන්වීම් පිළිබඳව සොයා බැලීමට කමිටුවක්

  කිරිපිටි දැන්වීම් යළි ප්‍රචාරය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා තීරණය කර තිබේ.

  පත් කළ විශේෂ කමිටුව වාර්තාවක් ලබා දෙනතුරු සියලුම මාධ්‍යවලින් කිරිපිටි දැන්වීම් ප්‍රචාරය කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 



  ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් අනුව අදාළ කිරිපිටිවල ගුණාත්මක හා ‍පෝෂණය අඩංගුදැයි පත් කළ මෙම විශේෂ කමිටුව මගින් පරීක්ෂා කෙරේ. එම පරීක්ෂණ අනුව ප්‍රචාරයට සුදුසු නම් ඒවා නැවත මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමට යළිත් අවසර ලබා දෙන තෙක් කිරිපිටි වෙළෙඳ දැන්වීම තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලීමක් කරන බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මාධ්‍ය තුළ කිරිපිටි දැන්වීම් පළ කිරීමේදී එම දැන්වීම් අදාළ සමාගම් මගින් නිකුත් කරනු ලබන්නේ අනවශ්‍ය පෙලඹවීම් ඇති කරමින් බවත් ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බවත් ඔහු ප්‍රකාශ කළේය.