Social Icons

facebookrss feedemailtwitter

Sunday, September 21, 2014

ඌව පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිපල

බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඌව පළාත් සභා මැතිවරණයේ පළමු ස්ථානයට පත්ව සිටී. හරීන් ප්‍රනාන්දු මනාප 173993 ලබාගෙන ජයග්‍රහනයකොට තිබේ.එය 88% ඉක්මවා යන මනාප ප්‍රතිශතයකි. 

මොණරාගල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් ලබාගෙන තිබේ. ඒ මනාප 96,619 ක් ලබා ගනිමිනි.
නමුත් එය 2009 මැතිවරණයේදී ඔහු ලබාගත් 1,30,000කටත් අධික වූ මනාප සංඛ්‍යාව හා සසදා බැලීමේදී විශාල පහල යාමකි. 

මනාප ප්‍රතිපල: 
බදුල්ල දිස්ත්‍රික්කය 

 එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 9) 
1.අනුර රවීන්ද්‍ර විදානගමගේ 59316 
2.චාමර සම්පත් දසනායක 34337 
3.සෙන්දිල් තොණ්ඩමන් 31858 
4.සුදර්ශන දෙනිපිටිය 28187 
5.ඒ එම් බුද්ධදාස 25193 
6.වඩිවේල් සුරේෂ් 21967 
7.හේමා රත්නායක 20536 
8.එම් පී ලීලසේන 20282 
9.ආර්මුගම් ගනේෂ මූර්ති 19262 

 එක්සත් ජාතික පක්ෂය (ආසන 8) 
1.හරීන් ප්‍රනාන්දු- 173993 
2.වේලායුදන් රුද්‍රදීපන් 30457 
3.ජයන්ත කන්නන්ගර 28290 
4.උපාලි සමරවීර 28229 
5.රවීන්ද්‍ර සමරවීර 25580 
6.සෙනරත් ජයසුරිය 24218 
7.උපාලී සේනාරත්න 22272 
8.රා.මු රත්නායක 20249 

 ජනතා විමුක්ති පෙරමුණ (ආසන 1)
 1. සමන්ත විද්‍යාරත්න - 14161 


මොණරාගල දිස්ත්‍රික්කය

එක්සත් ජනතා නිදහස් සන්ධානය (ආසන 8)  
1. ශෂීන්ද‍්‍ර රාජපක්ෂ – 96,619 
2. කුමාරසිරි රත්නායක – 59,285 
3. උදාර සොයිසා – 48,512 
4. සාලිය සුමේධ සිල්වා – 21206 
5. සෙනරත් අත්තනායක - 19,448 
6. විමල් ගලගමආරච්චි - 17,625 
7. හරේන් ධර්මදාස බණ්ඩා -15,843 
8. පද්ම උදයශාන්ත ගුණසේකර (ජනිපෙ) - 12,412 

 එක්සත් ජාතික පක්ෂ (ආසන 5)
1. ආනන්ද කුමාරසිරි – 24,421 
2. එච්.එම්. ධර්මසේන – 18,400 
3. තිස්ස කුට්ටිආරච්චි – 18,265 
4. ජයසිංහ බණ්ඩාර – 16347 

ජනතා විමුක්ති පෙරමුණ (ආසන 1)
1. ආර් ජයවර්ධන- 5,795