Social Icons

facebookrss feedemailtwitter

Thursday, September 18, 2014

කිරිපිටි දැන්වීම් ප්‍රචාරය තාවකාලිකව අත්හිටුවයි

සියලුම කිරිපිටි දැන්වීම් ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 


නැවත දැනුම් දෙනතුරු සියලුම මාධ්‍යවල කිරිපිටි දැන්වීම් පළ නොකරන ලෙස මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට ලිපියක් මගින් ඉල්ලීමක් කර ඇත. මාධ්‍ය තුළ කිරිපිටි දැන්වීම් පළ කිරීමේදී එම දැන්වීම් අදාළ සමාගම් මගින් නිකුත් කරනු ලබන්නේ අනවශ්‍ය පෙලඹවීම් ඇති කරමින් බවත් ඒ හේතුවෙන් මෙම තීරණය ගත් බව, පවසයි. අනවශ්‍ය පෙලඹවීම් ඇති කරන සියලුම කිරිපිටි දැන්වීම් සමාලෝචනය කර නැවත පළ කිරීමට තීරණය ගන්නා තුරු ඒවා පළ කිරීම තහනම් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.