Social Icons

facebookrss feedemailtwitter

Tuesday, September 30, 2014

ඌව පළාත් සභාවේ ඇමැතිවරු දිවුරුම් දීම අද

ඌව පළාත් සභාවේ මහ ඇමැති සහ මැති ඇමැතිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේ දී අද (30) දිවුරුම් දීමට නියමිතයි. ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මෙවරත් පළාත් මහ ඇමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ඇත. 

ශිෂ්‍යත්ව විභාගේ ප්‍රතිපල නිකුත්වේ

මෙවර ශිෂ්‍යත්ව විභාගේ දිවයිනේ වැඩිම ලකුණු ලබාගෙන ඇත්තේ ඇඹිලිපිටිය කණිෂ්ඨ විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ. වේනුජ නිම්සත්(ලකුණු 199) වන අතර දෙවන ස්ථානය පොළොන්නරුව රාජකීය කණිෂ්ඨ විද්‍යාලයේ මාලක නෙත්මාල් (ලකුණු සංඛ්‍යාව 198ක්) හිමිකර ගැනීමට සමත් වී ඇත. 

Sunday, September 28, 2014

ජාතික හැඳුනුම්පත් ප්‍රමාද වීමේදී විමසීමට නව දුරකථන අංක

  ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ප්‍රමාද වී ඇති ඉල්ලුම්පත්‍ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට විශේෂ දුරකතන අංකයක් සහ ෆැක්ස් අංක දෙකක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙයි. 011-2555616, 011-2506458යන දුරකථන අංකවලින් හෝ 011-2593634 ෆැක්ස් අංකයෙන් ප්‍රමාද වූ ජාතික හැදුනුම්පත් සම්බන්ධ කරුණු විමසීමට හැක. 

කිරිපිටි දැන්වීම් පිළිබඳව සොයා බැලීමට කමිටුවක්

  කිරිපිටි දැන්වීම් යළි ප්‍රචාරය කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා තීරණය කර තිබේ.

  පත් කළ විශේෂ කමිටුව වාර්තාවක් ලබා දෙනතුරු සියලුම මාධ්‍යවලින් කිරිපිටි දැන්වීම් ප්‍රචාරය කිරීම තාවකාලිකව අත්හිටුවන ලෙස මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය. 

අද මහනුවර ප්‍රදේශ කිහිපයකට නල ජලය නෑ

  පොල්ගොල්ල වේල්ලෙහි නඩත්තු කටයුතු සඳහා ජල සැපයුම අද (28) පෙ.ව 06.00 සිට ප.ව 06.00 දක්වා මහනුවර අවට ප්‍රදේශ කිහිපයකට අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

  එම මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පොල්ගොල්ල ජලාශය හිස් කරන බව ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය දැනුම් දී තිබෙන බැවින්

Thursday, September 25, 2014

එක්සත් ජාතීන්ගේ සංවිධනයේ මහා සමුළුව ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධනයේ මහා සමුළුව සජීවීව නැරඹීමට....


වෙඩි වැදී වන අලියෙකු මියයයි

මුත්තූර් ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට හා සේරුනුවර පොලිස්‌බල ප්‍රදේශයට අයත් සෝමපුර කාංගවේලි ප්‍රදේශයේදී වෙඩි වැදී මියගොස්‌ සිටි දැවැන්ත වල් අලියකු 23 දා උදැසන සොයාගත් බව, සේරුනුවර පොලිසිය සඳහන් කර සිටී. උස අඩි 9 ක්‌ පමණ වූ වයස අවුරුදු 30 ක්‌ 35 ක්‌ අතර වන මෙම අලියා මියගොස්‌ ඇත්තේ ටී 56 වැනි ගිනි අවියකින් තැබූ වෙඩි පහරවල් 6 ක්‌ වැදීමෙන් බව, පරීක්‍ෂා කිරීමේදී පැහැදිළි වී ඇත. 

මාවනැල්ල වෙළඳසැල් පෙළක ගින්නක්

මාවනැල්ල නගරයේ බස් නැවතුම්පොල ඉදිරිපිට වෙළඳසැල් පෙළක ඇතිවූ ගින්නකින් වෙළඳසැල් 17 කට හානි සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ අද උදෑසන 10.30 ට පමණ ඇති වූ මෙම ගින්නෙන් වෙළඳසැල් 5 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවය. ගින්න මේ වනවිට පාලනය කර ඇති අතර, ඊට හේතුව විදුලි කාන්දුවීක් බව වාර්තාවේ. විනාශ වූ වත්කම් වල සක්සේරුවක් මෙතෙක් සිදු කර නොමැත.

Sunday, September 21, 2014

ඌව පළාත් සභා මැතිවරණයේ මනාප ප්‍රතිපල

බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ වැදුණු හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා වාර්තාගත මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ඌව පළාත් සභා මැතිවරණයේ පළමු ස්ථානයට පත්ව සිටී. හරීන් ප්‍රනාන්දු මනාප 173993 ලබාගෙන ජයග්‍රහනයකොට තිබේ.එය 88% ඉක්මවා යන මනාප ප්‍රතිශතයකි. 

මොණරාගල දිස්ත‍්‍රික්කයේ වැඩිම මනාප හිටපු මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්‍ෂ මහතා විසින් ලබාගෙන තිබේ. ඒ මනාප 96,619 ක් ලබා ගනිමිනි.

ඌව පළාත් සභා මැතිවරණයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානයට

ඌව පළාත් සභා මැතිවරණයේ ජය එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 349,906 (51.25%) ලබා ප්‍රසාද මන්ත්‍රී ආසන 2 සමග ආසන 19ක් හිමිකරගෙන ඇත. එක්සත් ජාතික පක්ෂය ඡන්ද 274,773 (40.24%) ලබා ආසන 13ක්ද ජනතා විමුක්ති පෙරමුණ ඡන්ද 36,580 (5.36%) ලබා ආසන 2ක්ද හිමි කරගෙන ඇත. 

Thursday, September 18, 2014

ඉදිකිරීමට යෝජිත Colombo Port City

ඉදිකිරීමට යෝජිත Colombo Port City හි සැලසුම...(Pictures)

මොණරාගල භූකම්පනයක්

ඊයේ අලුයම 5.08ට පමණ මොණරාගල දිස්තික්කයේ ඇතිමලේ හා සියඹලාණ්ඩුව ප්‍රදේශයන්හි රිච්ටර් මාපක 2.1ක ඉතා සුළු භූ චලනයක් වාර්තා වූ බව, භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යංශය කියයි. භූකම්පනය නිසා කිසිදු හානියක් වාර්තා නොවූ බව, ආපදා කලමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.

කලම්බෝ පෝට් සිටි ඉදි කිරීම ආරම්භ වේ

ගාලු මුවදොර ආසන්න මුහුදේ අක්කර 500කට වැඩි ප්‍රමාණයක් ගොඩකරමින් ඉදි කරන නව වරාය නගරයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ චීන ජනාධිපති ෂී ජින් පින්ග් ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (17)දා ආරම්භ විය.

කිරිපිටි දැන්වීම් ප්‍රචාරය තාවකාලිකව අත්හිටුවයි

සියලුම කිරිපිටි දැන්වීම් ජනමාධ්‍ය තුළ ප්‍රචාරය කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. 

විදුලිය, ඩීසල්, පෙට්රල්, භූමිතෙල් මිල පහලට

ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි බිල 25%කින් අඩු කිරීමට කටයුතු කෙරේ. නමුත් මෙය ක්‍රියාත්මක වන්නේ ලබන මස විදුලි බිල සමගය. බිලෙහි අවසන් වටිනාකමින් 25% කපා හැරේ. මෙම මසට එසේ අඩු විය යුතු මුදලත් ලබන මස විදුලි බිලෙන්ම අඩුවේ. 

Saturday, September 13, 2014

තමාරා කේෂානි දැරිය පැහැර ගැනීමේ ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට

තමාරා කේෂානි බණ්ඩාර විජේකෝන් දැරිය පැහැර ගැනීමේ සිද්ධියට සම්බන්ධ ප‍්‍රධාන සැකකරු, ප්‍රදේශවාසීන්ගේ සහය මත පොලිසිය විසින්අද අත්අඩංගුවට ගෙන ඇත.

මයිකල් ශූමාකර් රෝහලින් නිවසට

කෝමා තත්ත්වයකින් පසුවූ 45හැවිරිදි ලෝක මෝටර් රථ ධාවන ශූර මයිකල් ශූමාකර් සිය නිවසට පැමිණ ඇත. නිවසේ සිට ඔහුට තවදුරටත් ප්‍රතිකාර කිරීමට නියමිතය. 

ඌව මැතිවරණ ප‍්‍රචාරක කටයුතු 17 වැනිදා මධ්‍යම රාති‍්‍ර 12.00න් අවසන්

ඌව පළාත් සභා මැතිවරණය ලබන 20 වනදා පැවැත්වීමට නියමිතය. ඒ අනුව මැතිවරණයට අදාළව සියලූම ප‍්‍රචාරක කටයුතු ලබන 17 වැනිදා මධ්‍යම රාති‍්‍ර 12.00 න් පසු නතර කළ යුතු බව, මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

උසස් පෙළ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් සැප්. 27 තෙක් වැසේ

මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගයේ දෙවන අදියරේ ඇගයීම් කටයුතු පැවැත්වෙන පාසල් 07ක් සැප්තැම්බර් 14 දින සිට සැප්තැම්බර් 27 තෙක් සම්පූර්ණයෙන් වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.