Social Icons

facebookrss feedemailtwitter

Wednesday, October 8, 2014

2015 අයවැය ඔක්තෝම්බර් මස 24 වන දින පාර්ලිමේන්තුවට

2015 අයවැය ඔක්තෝම්බර් මස 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 25 වැනිදා සිට විවාදය ආරම්භ කිරීමටත්, ඔක්තෝබර් 30 වැනිදා දෙවන වර කියවීමත් නොවැ. 18 වැනිදා තෙවැනි වර කියවීමත් නියමිත බව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.



 අද පෙරවරුවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වූ පක්ෂ නායක රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව, දැනුම්දී ඇත. එළඹෙන ජනවාරි මස ජනාධිපතිවරණය පැවැත්වීමට රජය විසින් සැලසුම් කර ඇති බැවින් මෙවර අයවැය කල්වේලා ඇතිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරෙන බව සඳහන්ය. 2015 වසර වෙනුවෙන් රජයේ ආදායම් සහ වියදම් ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත පසුගියදා අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ලබන වසර වෙනුවෙන් රජය වියදම් කිරීමට සැලසුම් කර තිබෙන මුදල 2014 වසරට සාපේක්ෂව 17%න් පමණ ඉහළ දමා ඇත.