skip to main |
skip to sidebar
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතාට බැනවැදුනේ යැයි ඒ මහතා විසින් පොලිසියට කළ පැමිණිල්ල විභාග කල කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට ඊයේ (20) නියම කළේය.
බණ්ඩාරවෙල, උඩමල්වත්ත ප‍්‍රදේශයේ දී බස් රථයක් අඩි 20ක් පමණ ප‍්‍රපාතයකට පෙරලීමෙන් අද පෙරවරුවේ සිදුවූ අනතුරින් තුවාල වූ සංඛ්‍යාව 45 දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් තිදෙනකුගේ තත්ත්වය බරපතළ වන අතර කුඩා ළමුන් තිදෙනෙකු ද තුවාල ලැබූවන් අතර වේ.
දීපවාලි උත්සවය නිමිත්තෙන් හෙට (22) දිවයිනේ සියලු සුරාසැල් වසාදැමීමට තීරණය කර තිබේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රභාත් ජයවික්‍රම මහතා පැවසුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් ඊට අදාළව නියෝගයක් නිකුත් කර ඇති බවයි.
දිවයින අවට මුහුදු ප්‍රදේශයේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ගිනිකොන දෙසින් අඩුපීඩන කලාපයක් වර්ධනය වී ඇති බැවින් දිවයිනට නැඟෙනහිර දෙසින් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල කාළගුණයට අද සිට බලපෑම් ඇති කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
2015 අයවැය ඔක්තෝම්බර් මස 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් 25 වැනිදා සිට විවාදය ආරම්භ කිරීමටත්, ඔක්තෝබර් 30 වැනිදා දෙවන වර කියවීමත් නොවැ. 18 වැනිදා තෙවැනි වර කියවීමත් නියමිත බව, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
කොළඹ මැරතන් තරඟය සඳහා සියලු කටයුතු සූදානම් කෙරේ.එය හෙට (5) කොළඹ සිට මීගමුව දක්වා පැවැත්වෙයි. තරඟයට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 6000 ක් සහභාගී වෙති. ශ්‍රී‍්‍ර ලන්කන් එයාර් ලයින් සමාගමේ ප‍්‍රධාන අනුග‍්‍රහය යටතේ පැවැත්වෙන තරඟාවලියේ මෙවර ත්‍යාග ප‍්‍රමාණය ඇමරිකා ඩොලර් පනස් දහකි.
යාල වනෝද්‍යානය අද (04) සිට ලබන 16දින දක්වා නැවතත් වසා තැබීමට තීරණය කළ බව වනජිවි අධ්‍යක්ෂ ජනරාල් එච්. ජී රත්නායක මහතා පැවසීය.
වනෝද්‍යානය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ පවතින දැඩි නියං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව ඔහු කියා සිටියේය.