පසුගියදා ඇතිවූ සිද්ධිවලින් හානියට පත් අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල නිවාස සහ වෙළෙදසැල් 43ක ප්‍රතිසංස්කරණ නිම කෙරේ.
ඒවා හිමිකරුවන්ට බාරදුන් බවද, මේජර් ජනරාල් උභයමැදවල මහතා කියා සිටී.
පසුගියදා ඇති වූ සිද්ධීන්වලින් ප්‍රදේශයේ නිවාස 210 කට සහ වෙළෙදසැල් 84 කට හානි සිදුවිය. ඒවා නැවත ගොඩනැගීම සදහා
ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි රුපියල මිලියන 200ක් වෙන් කෙරිණ. ත්‍රිවිධ හමුදාවේ 700 වැඩි භට පිරිසක් ඉදිකිරීම්හි නිරත වුහ. ඉතිරි ඉදිකිරීම් කඩිනමින් නිමකර හිමිකරුවන්ට භාරදීමට හැකිවෙතැයි මේජර් ජනරාල්උභයමැදවල මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.