Social Icons

facebookrss feedemailtwitter

Friday, November 7, 2014

සාමාන්‍ය පෙළ සිසුන්ට හැදුනුම්පත් ලබාගත හැක්කේ තව සති දෙකක් පමණි

මෙතෙක් ජාතික හැඳුනුම්පත් ලබා නොගත් සිසුන් ඉදිරි සති දෙක අවසන් වීමට පෙර එම හැදුනුම්පත් ලබාගැනිමට කටයුතු කළ යුතු බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තෙම්න්තුව පෙන්වා දෙන්නේ තවත් සිසුන් 50,000ක් පමණ ජාතික හැදුනුම්පත් ලබාගතයුතුව ඇති බවයි. හැදුනුම්පත් ලබාගැනීම සදහා ඉදිරිපත් ව ඇති අයදුම්පත් තුන්දහසක් පමණ විවිධ අඩුපාඩුකම් පවතින බැවින් නිවැරදි කිරීම් සඳහා නැවත යොමු කර ඇති බව ද එම දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම මේ වන විට අවසන් කළ යුතු වුව ද මෙතෙක් ඒ සඳහා ඉල්ලුම් නොකළ පාසල් පවතින බවයි.

Wednesday, November 5, 2014

අද මුහුද රළු වේ

යාපනයේ සිට ති‍්‍රකුණාමලය සහ පොතුවිල් හරහා ගාල්ල දක්වා වන වෙරළට ඔබ්බෙන් ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් අතර ඉහළ යා හැක. මේ නිසා එම මුහුදු ප‍්‍රදේශ විටින් විට රළු විය හැක.

මිරියබැද්ද නායයාම

කොස්ලන්ද - මීරියබැද්ද ප‍්‍රදේශයේ ඔක්තෝබර් 29 වනදින උදෑසන සිදුවූ නායයෑමෙන් පස්වලට යටවූ පුද්ගලයන් 10 දෙනෙකුගේ මෘත ශරීර මේ වනවිට සොයා ගෙන ඇත.