"නිල් වත හැඳි කත" නමැති සුප්‍රකට චිත්‍ර ශිල්පී පැබ්ලෝ පිකාසෝගේ ආලේඛ්‍ය චිත්‍රය අමෙරිකානු ඩොලර් මිලියන 45 ක ඉහළ ලංසුවකට අළෙවිවේ. ඒ අමෙරිකාවේ නිව්යෝර්ක් නුවර පැවැති වෙන්දේසියකදීය. මෙය පැබ්ලෝ පිකාසෝගේ පෙම්වතියක වන ඩෝරා මාර්ගේ සිතුවමක් බව පැවසේ. 1939 වසරේ දී පිකාසෝ මෙම නිර්මාණය සිදුකර ඇති බව සදහන්ය. දෙවන ලෝක යුද සමයේ නාසි හමුදාව පැහැරගත් මෙම සිතුවම ප්‍රංශ හමුදාව යළි අත්පත්කර ගෙන තිබේ. මේ සිතුවම පිකාසෝගේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැළකේ.
Featured Posts
කන්කසන්තුරෛයි වරාය
කන්කසන්තුරෛයි වරාය සංවර්ධනය කිරීම
ගෝලීය ආර්ථික අනාවැකි
නව වසරේ ලෝක ආර්ථික සංවර්ධන ඉලක්කය ඉහළ තලයකට නැංවේ
ප්‍රංශය හඳුන්වා දුන් පා පැදිය
ප්‍රංශය හයිඩ්රිජන් බලයෙන් ධාවනය කළ හැකි නවතම පා පැදියක් හඳුන්වා දේ
Sunday, January 28, 2018
නාසා ආයතනය නිකුත් කළ කැනඩාවේ දර්ශනීය ඡායාරූප
මේ නාසා ආයතනය විසින් 2017 වර්ෂයේ සැප්තැම්බර් 15 වැනි දින ගනු ලැබූ පෘථිවියේ ඉතා දර්ශනීය හා හොඳම ඡායාරූප එකතුවකි. මෙම ඡයාරූප ගෙන ඇත්තේ, ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය විසින්ය.
ප්‍රංශය හඳුන්වා දුන් පා පැදිය
ප්‍රංශය හයිඩ්රිජන් බලයෙන් ධාවනය කළ හැකි නවතම පා පැදියක් හඳුන්වා දේ. ජලකර වායුව නොහොත් හයිඩ්රිජන් ලෙසින් හැඳින්වෙන මෙම වායුව ඉන්ධනයක් වශයෙන් භාවිත කර මේ පා පැදිය මාර්ගයේ ධාවනය කළ හැකිය. “ඇල්ෆා” නමින් හඳුන්වන පා පැදිය පසුගිය 15 වැනි දින ප්‍රංශයේ Biarritz කර්මාන්ත ශාලාවක ප්‍රදර්ශනය කෙරිණ. මෙහි වටිනාකම යූරෝ 7500 ක් පමණ වේ. විද්‍යුත් ආරෝපණය සඳහා අවම වශයෙන් යූරෝ 30,000 ක් වැය වේ.
විශාල දියමන්තියක්
මෙම දියමන්තිය මෙතෙක් හමුවී ඇති විශාලතම දියමන්ති අතර 5 වැනි ස්ථානයේ පසුවන බව වාර්තා වේ. මෙම දියමන්තියෙහි බර කැරට් 910 කි. එහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 40 ක් ලෙස ඇස්තමේන්තු කර ඇත. මෙය ඉතාමත් සුවිශේෂී අවස්ථාවක් බව දියමන්තිය සොයාගත් ලෙසතෝ රාජ්‍යයේ ජෙම් ඩයමන්ඩ්ස් සමාගම සඳහන් කර තිබේ.
සහරා කාන්තාරයටත් හිම
වසර 40 කට ආසන්න කාලයකදී දෙවන වරටත් සහරා කාන්තාරයට හිම වැටේ. සහරා කාන්තාරයට ආසන්න Algeria වේ Ain Sefra නගරයේ රතු වැලි ආවරණ කලාපයට මෙලෙස හිම වැටී තිබේ. මෙම රතු වැලි වැටියට වසර 37 කින් මෙලෙස හිම වැටී නැති බව එහි වැසියන් පවසා සිටී. ඔවුන් පවසා සිටින්නේ මේ තත්ත්වය සැබෑ ලෙසම පුදුම කරවන්නක් වන බවය.
කාබන් ෆයිබර් උමං කාර්
මේ චීනයේ තවත් නිෂ්පාදනයකි. ඒ කාබන් ෆයිබර් භාවිතයෙන් නිර්මාණය කරන උමං කාර්ය. චීනයේ ප්‍රමුඛතම දුම්රිය කාර් නිෂ්පාදන සමාගමක් වන Changchun හී නවතම නිර්මාණය වන මෙම උමං කාර් නිෂ්පාදයෙන් මෙහෙයුම් පිරිවැය හා බලශක්ති පිරිවැයෙහි ධාරිතාව වැඩිදියුණු කර ගැනීමට හැකි වේ. මේ සමාගම පවසන පරිදි උපරිම වශයෙන් මේ සඳහා වසර 30 ක ආයු කාලයක් පවතී
කන්කසන්තුරෛයි වරාය
කන්කසන්තුරෛයි වරාය සංවර්ධනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 45.27(රු.බි. 6.9) ක මූල්‍යාධාර ලබාදීම සඳහා ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගිවිසුමක් අත්සන් කරන ලද බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
ගෝලීය ආර්ථික අනාවැකි
නව වසරේ ලෝක ආර්ථික සංවර්ධන ඉලක්කය ඉහළ තලයකට නැංවේ. ලෝක බැංකුව පසුගිය දා ගෝලීය ආර්ථික අනාවැකි වාර්තාවක් නිකුත් කළේය. ගෝලීය මූළ්‍ය අර්බූදය සිදු වීමෙන් පසු ප්‍රථම අංගසම්පූර්ණ පුනරුත්ථාපනයක් මෙම වසරේ සිදු වනු ඇතැයි අනාවැකි පළ කෙරේ. මෙම වසරේ ලෝක ආර්ථිකය පසුගිය වසරට වඩා සියයට 3.1ක් වශයෙන් වර්ධනය වනු ඇතැයි අපේක්ෂිතය.
ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් බිලියන 7370
2017 වසරේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවලට චීනය සිදු කළ ආනයන හා අපනයන වටිනාකම චීන යුවාන් බිලියන 7370කි.
චීන රේගු පොදු පරිපාලනය නිකුත් කළ දත්තයන්ට අනුව එය පසුගිය වසරේ අගයට වඩා 17.8%කින් වර්ධනය වී තිබේ. මෙම අනුපාතය චීන විදේශ වෙළඳ සංවර්ධන වේගයට වඩා 3.6%ක ඉහළ අගයකි.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙලට සම්බන්ධ රටවලට චීනය සිදු කළ ආනයනය හා අපනයන වටිනාකම චීන විදේශ වෙළඳ වටිනාකමෙන් සියයට 26.5ක් ගනී.
එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල සම්බන්ධ රටවල් හා චීනය අතර රේගු ක්‍රියා සහයෝගතා සමස්ත ලෙස පුළුල් කිරීම, අධීක්ෂණ සේවාව යහපත් කිරීම, රේගු ක්‍රියා පටිපාටිය සරල කිරීම චීන රේගු දෙපාර්තමේන්තුවේ ඉදිරියේ කටයුතු බවට පත් වන බව චීන රේගු පොදු පරිපාලනයේ ප්‍රකාශක Huang Songping මහතා පැවසීය. ඉන් වෙළඳාමේ පහසු ක්‍රියාකාරී මට්ටම ඉහළ යන අතර විවෘත ආර්ථික සංවර්ධනයට තවදුරටත් දායකත්වය ලබා දෙන බව හෙතෙම කීවේය.
Sunday, January 21, 2018
රියදුරන් රහිත තනි පීල්ලේ දුම්රිය සේවාව
චීනයේ පළමු වැනි රියදුරන් රහිත තනි පීල්ලේ දුම්රිය සේවාව යින් චුවාන් නගරයේ දී ආරම්භ විය. “යුන්ගුයි” නමින් හඳුන්වන මෙම සේවාව චීනයේ ස්වයං නිෂ්පාදන පද්ධතියක් වේ. මේ ව්‍යාපෘතිය චීනයේ බී.වයි.ඩී.මෝටර් රථ නිෂ්පාදන සමාගම සහ හුවාවෙයි සමාගම විසින් ඒකාබද්ධව සිදු කළ නිෂ්පාදනයකි. එය සුළු හා මධ්‍ය ප්‍රවාහන ධාරිතාවක් සහිත දුම්රිය සේවාවක් ලෙස හැඳින් වේ. මිනිස් මුහුණු හඳුනා ගැනීම, විදුලි බලය හදිසියේ ඇණ හිටින අවස්ථාවලදී ද විධිමත්ව ධාවනය සහතික කිරීම, දුම්රිය එකිනෙකට සුරක්ෂිත දුර ප්‍රමාණයක් අනුව පවත්වා ගෙන යාම යනාදි කාර්යයන් මෙම නව දුම්රිය සේවාවට සිදු කළ හැකිය.
Subscribe to:
Posts (Atom)